ඇඳිරි නීතිය අවසන් වු වහාම සමූපකාර විවෘත කරන්න
සියලුම විවිධ සමූපකාර සමිතිවල පාරිභෝගික වෙළඳසැල් රජය මගින් පනවා ඇති ඇදිරි නීතිය අවසන් වූ වහාම, පාරිභෝගික ජනතාවට අවශ්‍ය වන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට විවෘත කරන ලෙසත්, සමූපකාර වෙළඳසැල් වලට අවශ්‍ය වන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් පවතී නම් තම පළාතේ සමූපකාර සංවර්ධන කොමසාරිස් මඟින් සීමාසහිත ශ්‍රී ලංකා සමූපකාර අලෙවි සංගමය සමග සම්බන්ධ වී භාණ්ඩ තොග ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් සමූපකාර සංවර්ධන කොමසාරිස් / රෙජිස්ට්‍රාර් සුවින්ද එස්.සිංගප්පුලි මහතා දැනුම් දෙයි.
සීමාසහිත ශ්‍රි ලංකා සමුපකාර අලෙවි සංගමය සතුව සමුපකාර සමිති සඳහා අවශ්‍ය වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රමාණවත්ව පවතින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
