ඇඳිරි නීතිය කඩකළ 2405ක් අත්අඩංගුවට
ඉකුත් සිකුරාදා(20) පස්වරු 6 සිට ඇඳිරිනීතිය පැනවීමෙන් පසු මේ දක්වා ගෙවුණු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 2405දෙනෙකු හා රථ වාහන 646ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මාර්ගයේ නිකරුණේ ගැවසීම, වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, ආපන ශාලා විවෘතව තැබීම, එක්රැස්ව මත්පැන් පානය කිරීම, බීමත්ව මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම් හා වෙළඳාම් කිරීම යන සිද්ධිවලට අදාළවද පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල ප්රදේශවල පොලීසිය විසින් මෙම පිරිස් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගනු ඇත.
