News

ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට පිරිස තිස් එක්දහසකට වැඩි

මාර්තු 20 වෙනිදා සිට මේ දක්වා පනවා තිබූ ඇඳිරි නීතිය කඩ කිරීම හේතුවෙන් පුද්ගලයින් 31,680ක් අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන සංඛ්‍යාව 8151 ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ගත වූ පැය 24ක කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 1392 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 381 ක් පොලිස් භාරයට ගෙන ඇත.