ඉතාලියෙන් ආ ගැබිනි මව්වරුන් දෙදෙනා දඹුල්ලෙන් මඩකලපුවට
ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් (10) දින මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යමින් සිටි අතරතුරදී අසනීප තත්ත්වයක් හේතුවෙන් ගැබිණි මව්වරුන් දෙදෙනකු සහ කුඩා දරුවන් ඇතුළු දස දෙනෙකු දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදීප් දිසානායක මහතා සඳහන් කළේය.
රෝහලට ඇතුළත් කර වහාම ඔවුන්ව වෙනම ස්ථානයක් සකස් කරදී ඉක්මනින්ම මහනුවර රෝහල වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා රැගෙන ගෙන ගිය බවද එහිදී පරීක්ෂණ සිදු කර නැවත රෝහල වෙත රැගෙන ආ බවද හෙතෙම සඳහන් කළේය.
එසේම ඔහු කියා සිටියේ මේ කිසිම අයෙකුට කොවිඩ් 19(කොරෝනා) වෛරස ආසාදිත නොවන බවත් මෙම ගැබිනි මව්වරු දෙදෙනාට ගමන් මහන්සිය හේතුවෙන් මෙසේ අසනීප වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මෙම පිරිස රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සමග නැවතත් 11 දින පෙරවරුවේ මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවීමට කටයුතු කල බවද වෛද්‍ය අධිකාරිවරයා සදහන් කළේය.
එහිදි ඉතාලියේ සිට පැමිණි එම පිරිස කියා සිටියේ තමන්ව මඩකළපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යමින් සිටි අවස්ථාවේ දහවල් අහාර සදහා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයට යන විට තමන් සමඟ සිටි ගැබිණි මව් වරුන් දෙදෙනාට එකවරම අසනීප වූ නිසා යුධ හමුදා නිළධාරීන්ගේ සහය ඇතිව දඹුල්ල රොහලට පැමිණි බවයි.
එසේම තමන් වෙනුවෙන් යුධ හමුදා නිළධාරීන් හා දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි තුමා ඇතුලු වෛද්‍යවරුන් සේවකයන් කල මෙහය ඔවුන් අගය කලහ. එසේම ඔවුන් කියා සිටියේ දඹුල්ල රෝහලේන් මහ නුවර රෝහලට මාරු කර යැවුවද තමන්ව රෝහලට ඇතුලත් කිරීම ප්‍රතික්ෂේප කල ඔවුන් තම දරුවනුත් සමග එළියේ රැය පහන් කිරීමට සිදු වූ බවත් ඒ පිළිබඳව තමන් කණගාටුවන බවද ඔවුන් පැවසූහ.
නැවත පසුදා(11) දඹුල්ල රෝහලට පැමිණි බවත් අඩු පහසුම් සහිත රෝහලක් වන දඹුල්ල රෝහලේ වෛද්‍යවරු ඇතුලු කාර්යමණ්ඩලය තමන්ව සහොදරයන් සේ සළකා කටයුතු කළ බවද ඔවුන් කියා සිටියහ.
එහිදී කොවිඩ් 19 කියන මේ වෛරස් අසාධනය පාලනය කර ගැනීමට රාජකාරි වල නිරත් වෙන සියලුම් දෙනා නිතර නිතර දෑත් සබන් යොදා සේදිය යුතු බවත් වෙනත් අය සමග කතා බහ කරන විටදි මීටර් 1 කට වැඩි දුරකින් සිට කතා බහ කළ යුතු බවත් මාතලේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් රණසිංහ මහතා පැවසීය.
එසේම ඔහු කියා සිටියේ මෙම වෛරසය සුළගින් බෝ නොවන බවත් මෙය බෝ වන්නේ කෙල සොටු ආදී බිදිති වලින් බවත් එම නිසා නිතර නිතර තමන්ගේ දෑත් පිරිසිදු කල යුතු බවත් හෙතෙම කියා සිටියේය.
මේ තත්වය යටතේ බෝහෝ සෙනග ගැවසෙන ස්ථානවල රැදී සිටීමත් කිවිසුම් ආදිය යාමේදි තම මුව කෙළ සොටු බිදිති එළියට යාම වැලෙමිටෙන් මුව නාසය වසා ගැනිම සිදු කළ යුතු
බවත් වෛද්‍යවරයා කියා සිටියේය.
මේ අවස්ථාවේ ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගනිමින් මුව ආවරණ පැළදීම අවශ්‍ය නොවන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
