ඉතාලියේ සිට පැමිණි දෙදෙනාට කොරෝනා නැහැ – ද.කොරියාවේ සිට පැමිණි 2 ක් මීගමුව රෝහලට
දකුණු කොරියාවේ සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මීගමුව රෝහලට ඇතුලත් කර තිඛේ.
ඔවුන්ට උණ සහ සෙම්ප්‍රතික්ෂාව හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර ඇත.
දකුණු කොරියාවේ සිට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව මේ වන විට ඉහළ යමින් පවතිනවා. නව කොරෝනා හෙවත් කෝවඩි 19 වෛරසය දකුණු කොරියාව තුල වේගයෙන් පැතිර යාමත් සමග මෙම තත්වය උදාවී ඇත.
මේ අතර කොරෝනා ආසාදනය වී ඇති බවට සැකපිට රෝහල් ගත කෙරුණු ඉතාලියේ සිට දිවයිනට පැමිණි පුද්ගලයින් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා.
