News

උදයංග වීරතුංග අධිකරණය හමුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද පෙරවරු 09.30 ට පමණ බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කර ඇත.

යුද මෙහෙයුම් සඳහා මිග් ප්‍රහාරක යානා 04ක් ඇතුළු තවත් යානා මිලදී ගැනීමේ දී වංචාවක් සිදුකල බවට පොලිස් මූල්යා අපරාධ විමර්ශන කොට්ඨාශය පසුගිය රජය පැවති සමයේ සිදුකළ විමර්ශනයකට අදාළව උදයංග වීරතුංග මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.

පසුගිය 14වනදා දිවයිනට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව මගින් ඔහුව අත් අඩංගුවට ගෙන ඇත