උසස් පෙළ උසස් ලෙස සමත් 12 දෙනාට නිවාස 12ක් – අගමැති මහින්ද උපදෙස් දෙයි
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් 12 දෙනාට අංග සම්පූර්ණ නිවාස ලබාදෙන ලෙසට අගමැති මහින්ද රාජපක්ෂ නිවාස රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධට දැනුම් දී ඇත.
උසස් පෙළ විෂය ධාරාවන් හයක් යටතේ නව හා පැරණි නිර්දේශවලට අනුව විභාගයට මුහුණ දී ශ්‍රී ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය හිමිකරගත් සිසුන් සඳහා මෙම නිවාස ලබාදෙයි.
ඒ අනුව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක දුෂ්මන්ත පෙරේරා දිස්ත්‍රික් කළමනාකරුවන්ට උපදෙස් ලබාදී ඇත්තේ කඩිනමින් එසේ උසස් පෙළින් ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන්ගේ තොරතුරු ලබාදෙන ලෙසටය.
ඒ අනුව සිසුන්ගේ අවශ්‍යතාව මත අදාළ නිවාස ඉදිකිරීම සිදුකරන බව නිවාස අධිකාරියේ ඉහළ නිලධාරියෙක් පැවැසීය.
චමින්ද සේනාරත්න
