News

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.

පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙම හමුවේදී වැඩි අවධානයක් යොමු කරනු ඇති බවයි.