එජාපයේ තනතුරු පස්සේ එළවිල්ල නවත්වමු
පක්ෂයේ සියලුම නායකයන් තනතුරු පසුපස එළවන්නේ නැතිව සිය වැඩ කොටස නිසි පරිදි ඉටුකළ යුතු බවත්, එසේ කළහොත් තනතුරු ඔවුන් පසුපස එළවාගෙන එනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22 වැනිදා) එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය පිළිබඳ ‘අරුණ’ කරන ලද විමසීමකදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ පක්ෂයේ සියලු නායකයන් මේ මොහොතේ ජනතාව වෙනුවෙන් එකට සිටගත යුතු බවකි.
‘අපිට දැන් චෝදනා කරනවා ජනතා ප්‍රශ්න ගැන කතා කරන්නේ නැතුව තනතුරු පස්සේ එළවනවා කියලා. ඒකේ ඇත්තක් තියෙනවා. රනිල්, සජිත්, කරු සියලු දෙනාම එකට හිටගෙන ජනතාව වෙනුවෙන් වැඩපිළිවෙළක් හදන්න ඕනේ. අපි දරන්නේ මොන තනතුරද කියන එක මිනිසුන්ට වැදගත් නැහැ. මිනිස්සු අහන්නේ විපක්ෂෙ වැඩපිළිවෙළ මොකක්ද කියලා.
පක්ෂයේ සියලුම නායකයන් තමන්ගේ සීමාවන් දැන කටයුතු කළ යුතුයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මාසයක පමණ කාලයක් ඉතිරිව තිබෙන්නේ. ඒ නිසා වහා පක්ෂය සමගි කොට ජනතාවට වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතු යැයි මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
නයන තරංග ගමගේ
