එජාපයේ බහුතර මතය අනුව රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතුයි
එක්සත් ජාතික පක්ෂයේ බහුතර මතය පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ නායකයින්ගේ හා පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ අදහස අනුව වසර ගණනාවක් නායකත්වය දැරු රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරෙන් ඉවත් විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය හිමි විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
කැලණිය ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
