News

එජාපයේ බෙදීමට හේතුව 19 – අගමැති

එක්සත් ජාතික පක්ෂ අර්බුදයට හේතුව දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බව අගමැති මහින්ද රාජපක්ෂ පැවසීය.

පසුගිය සිකුරාදා අරලියගහ මන්දිරයේදී පුවත්පත්වල ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී අගමැතිවරයා ඒ බව සඳහන් කළේය.

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා රට අවුල් වියවුල් තත්ත්වයට පත්කර ඇති අතර එළැඹෙන මහ මැතිවරණයේදී ඒ අවුල නිවැරදි කරලීමට ජනවරමක් ඉල්ලා සිටින බව සඳහන් කළේය.

ඒ අනුව 19 වැනි ව්‍යවස්ථාව සකස් කළ අයටම ඒ ඵලවිපාක වැටහී ඇති නිසා එය වෙනස් කළ යුතුය.

ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු ගැනද ගැටලු ඇති නිසා එහි ඇති ස්වාධීනත්වය සම්බන්ධයෙන් ජනතාවට ප්‍රශ්න ඇතිවී තිබේ.

ජනාධිපති, අගමැති, කථානායක යන පුද්ගලයන් තිදෙනකුට බලය බෙදී යාම මීට හේතුව බව සඳහන් කළේය.

 

චමින්ද සේනාරත්න