එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැරදි පාරෙන් ගිහින්
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ණය වැඩසටහන යටතේ ලබාදී ඇති බහුතරයක් ණය එජාප මැති ඇමැතිවරුන්ගේ සහ ප්‍රෘදේශීය දේශපාලකයන්ගේ නිර්දේශ හා හිතවත්කම් මත ලබාදී ඇති බව ණය සංවර්ධන හා බැංකු කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන ලද විමර්ශනයකදී හෙළිවී තිබේ.
එම ණය ලබාදීමේදී ව්‍යාපෘති වාර්තාව සහ ව්‍යාපෘතියේ සැලසුම අනිවාර්යයෙන්ම ණය ලබාදෙන රාජ්‍ය බැංකු වෙත ඉදිරිපත් කළ යුතු වුවද ණය ලබාගත් බහුතරයක් දෙනා ණය ලබාගෙන ඇත්තේ අදාළ වාර්තා ඉදිරිපත් නොකර බවද අනාවරණය වී ඇත.
ණය සංවර්ධන හා බැංකු කටයුතු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේ එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාගත් බහුතරයක් පිරිස් ඔවුන් විසින් ගෙවිය යුතු ණය වාරික පවා ගෙවා නොමැති බවද හෙළිවී ඇති බවය.
රංජිත් ගුණවර්ධන
