එම්.සී.සී. ගිවිසුමේ තොරතුරු මාධ්‍යයට දෙනවා – ඩලස්
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමේ රටට අහිතකර බරපතළ කරුණු ඇති බැවින් එම ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා මාධ්‍යයට, සහ පාර්ලිමේන්තුවට ලබා දෙන බව අධ්‍යාපන, ක්‍රීඩා සහ තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම ඊයේ ( 12 ) ප්‍රකාශ කළේය.
කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳ මෙසේද කීය.
සාකච්ඡාවටත් සුදුසු නැති කාරණා මේ ගිවිසුමේ තියෙනවා. මාධ්‍යයට අවස්ථාව ලබා දෙනවා මේ ගිවිසුම ගැන හොඳ අධ්‍යයනයක් කරන්න. මේ රටට හතුරු කිසිම කොන්දේසියකට අපි එකඟ වන්නේ නැහැ.
පසුගිය ආණ්ඩුව කිසි ලෙසකින්වත් මෙය සාකච්ඡාවට විවෘත කළේ නැහැ. ගිවිසුමේ අභ්‍යන්තර කාරණා ගැන කිසිම කෙනකුට අවබෝධයක් නැහැ. සමාජ මාධ්‍යයට මුදා හැරියෙත් පත්‍රිකා රාශියක් අතුරුදන් කරමින්. අපි දෙන පොරොන්දුව තමයි රටට මේ ගැන අවබෝධයක් ලබා දීමට කටයුතු කිරීම. සාකච්ඡා කරන්න අපි අවස්ථාව ලබා දෙනවා.
ඉතා පැහැදිලියි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මේ රටට නරක කිසිම දෙයක් අත්සන් කරන්නේ නැහැ. එහිදී ලෝකයේ කිසිම බලගතු රාජ්‍යයක් අපට අදාළ වන්නේ නැහැ. අපේ ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය , අපේ සංස්කෘතික හර පද්ධතීන්වලට බලපෑමක්වන කිසිම දේකට ඉඩ තියන්නේ නැහැ. පළමුව මේ ගිවිසුමේ තොරතුරු අපි මාධ්‍යයට ලබා දෙනවා.
