News

ඖෂධ 310ක් හිඟයි; හදිසියේ මිලට ගන්න රු.කෝටි 600ක්

දිවයින පුරා රෝහල්වල පවතින හිඟ ඖෂධ වර්ග 310ක් හදිසි මිලදී ගැනීම් යටතේ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා ඇමැති පවිත්‍රා වන්නිආරච්චි ඒ සඳහා අනුමැතිය ඉල්ලා ඇමැති මණ්ඩල සංදේශයක් යොමුකර තිබේ. එම ඇමැති මණ්ඩල සංදේශයට අනුව ඖෂධ වර්ග ආනයනය කිරීම සඳහා රුපියල් කෝටි 600ක මුදලක් අවශ්‍ය බව සඳහන් කර ඇත.

බංග්ලාදේශය සහ ඉන්දියාව යන රටවලින් මෙම ඖෂධ මිලදී ගැනීමට නියමිතය. පිළිකා, වේදනානාශක සහ ජීවිතාරක්ෂක ඖෂධ රැසක් මෙලෙස හදිසි මිලදී ගැනීම් යටතේ ගැනීමට කටයුතු යොදා තිබේ. දිවයින පුරා රෝහල්වල ඖෂධ වර්ග ‘250’ක හිඟයක් ඇති බව ‘අරුණ’ පුවත්පත මීට පෙර වාර්තා කර තිබිණි.

උදයජීව ඒකනායක