News

කතරගම ගමන අතරමග නවතී – 6 ක් මරුට

ලුණුගම්වෙහෙර විසිදෙකේ හන්දිය ප්‍රදේශයේ අද (09) අදී අළුයම දෙකට පමණ වෑන් රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ තිබූ පලුගසක වැදීමෙන් සිදු වූ අනතුරකින් හය දෙනෙකු මියගොස් රියදුරු ඇතුළු තුන්දෙනෙකු බරපතල තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුලත්කර තිබෙනවා .

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ගාල්ල උණවටුන ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසක් ගමන්ගත් සුපිරි වර්ගයේ වැන් රථයක් වන අතර ඔවුන් දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පැමිණ මත්තල ප්‍රදේශයෙන් ලුණුගම්වෙහෙර 22 හන්දිය හරහා කතරගමට යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ .

අනතුරින් මෙසේ මියගිය ය අතර ගාල්ල වැලිවත්ත ප්‍රදේශයේ පදිංචි ඇන්තෝනි වෙරලගේ සාමිට ප්‍රසාද් (23) හිරබුරගමගේ පුෂ්පකුමාර (53) මාපා ගමගේ චමීර (28) , කහින්ගල වඩුගේ දනුෂ්ක රාමචන්ද්‍ර (30) විතාන ලියනගේ තමිදු වරුණ කුමාර ,ආචාර හෙනගේ ඉසුරු නුවන් සම්පත් (31) යන අය වෙති.අනතුරින් මියගිය හය (06) දෙනාගේ මළ සිරුරු ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබෙන අතර ලුණුගම් වෙහෙර පොලිසිය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි .

 

අම්බලන්තොට – අජිත් පුෂ්පකුමාර