කදිරගාමර් ඝාතනයට සහාය දුන් ශ්‍රී ලාංකිකයෙකුට ජර්මන් අධිකරණයකින් දඩුවම්
ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකුට ජර්මානු අධිකරණයක් මගින් දඬුවම් නියම කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජර්මනියේ ස්ටුඩ්ගාඩ්හි ප්‍රාදේශීය අධිකරණයක් විසින් අදාළ පුද්ගලයාට වසර හයක් සහ මාස දහයක සිරදඩුවමක් ලබාදී ඇති බවයි.
මෙලෙස දඩුවමට ලක්ව ඇත්තේ ජී.නවනීදන් නමැති පුද්ගලයෙකු වේ.
මොහු ලක්ෂ්මන් කදිරගාමර් මහතා සිටින ස්ථානය පිළිබදව එල්.ටි.ටි.ඊ. සංවිධානයට තොරතුරු ලබාදී ඇති බවට අදාළ විත්තිකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
