“ක්ලෝරෝකුයින්” කොවිඩ් ආසාදනය වළකන ඖෂධයක් නොවේ
“ක්ලෝරෝකුයින්” ඖෂධය මෙම වෛරසය ආසාදනය වීම වළක්වන ඖෂධයක් නොවන බවත් එය අනවශ්‍ය ලෙස මිලදී ගැනීමෙන් වලකින ලෙස කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ජනතාවට උපදෙස් ලබා දී තිබේ.
“ක්ලෝරෝකුයින්” සහ “හයිඩ්‍රෝ ක්ලෝරෝකුයින්” නමැති ඖෂධ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව නිකුත් නොකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය සියලුම ඖෂධ ශාලා හිමිකරුවන්ට ද දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
