කාදිනල් හිමියන් පාස්කු ප්‍රහාරය පිළිබදව සොයන ජනපති කොමිසමෙන් පිටව යයි
පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීම සදහා පැමිණි ගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මීට ටික වේලාවකට පෙර එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.
උන්වහන්සේ අද පස්වරු 2ට පමණ ජනාධිපති කොමිෂන් සභාව හමුවට පැමිණ අතර, පස්වරු 6.00 දක්වා කොමිසමේ රැදී සිටියේය.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කර තිබේ.
