කෙටි කලකින් චීනයේ ඉදිකළ රෝහල නිල වශයෙන් වසා දමයි
චීනයේ හුබෙයි පළාතේ කොරෝනා රෝගීන්ට ප්රතිකාර කිරීම සඳහා ඉදි කළ පලමු තාවකාලික රෝහල වූ ලයිෂෙන්ෂාන් රෝහල නිල වශයෙන් තාවකාලිකව වසා දැමීමට චීන රජය කටයුතු කර ඇත.
රෝහලේ නේවාසිකව ප්රතිකාර ලැබූ අවසන් රෝගියත් රෝහලෙන් පිටව යෑම හෙතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇත.
සති දෙකකටත් වඩා අඩු කාලයකින් එම රෝහල ඉදි කිරීම හේතුවෙන් මෙම රෝහල බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය.
