News

කොරෝනාට ඇතුළු වෙන්නත් බැහැ රැඳවූවන්ට පිටවෙන්නත් බැහැ

අනුරාධපුර බන්ධනාගාරයේ සිදුවීමත් සමග රටපුරා බන්ධනාගාර තිහක ආරක්ෂාව තරකර කොරෝනා වෛරසය බන්ධනාගාර තුළට ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම වළකා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් ‘අරුණ’ කළ විමසුමකදී පැවසීය.

රැඳවියන්ගේ ආරක්ෂාව උ‍දෙසා රැඳවියන් බැලීමට එන අමුත්තන් නැවැත්වීම නිසා සියලු බන්ධනාගාරවලට පිටතින් කොරෝනා වෛරසය වැලඳීමට තිබූ ඉඩකඩ වැළකී ගොස් ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

සිරකරුවන්ට අවශ්‍ය සරම්, සබන් ඇතුළු අත්‍යාවශ්‍ය දේ බන්ධනාගාරවලින් සපයා ඇත.

අනුරාධපුර හිරගෙදර කැරැල්ල සිදුවූ මොහොතේ අනෙක් බන්ධනාගාරවල සිටි සිරකරුවන් රටේ පවතින තත්ත්වය ​තේරුම්ගෙන බුද්ධිමත්ව කටයුතු කිරීම නිසා රටේම බන්ධනාගාරවල තත්ත්වය පාලනය කරගත හැකිවූ බව එම බන්ධනාගාරවල නිලධාරීහු පෙන්වා දෙති.

රටපුරා බන්ධනාගාර තිහක සිරකරුවන් 25,331ක් ඊයේ (23 වැනිදා) වනවිට සිටියේය.