කොරෝනා අවදානම් කලාප හැර අනෙක් ප්‍රදේශවල ඇඳිරි නීතිය ලබන 16 තෙක් දීර්ඝ කෙරේ
ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නව නිවේදනයක් නිකුත් කර තිඛේ.
ඒ අනුව කොරෝනා අවදානම් කලාප හැර සෙසු ප්‍රදේශවල ඇදිරි නීතිය ලබන 16 වනදා උදාසන 6 දක්වා දීර්ඝ කර ඇත.
මීට පෙර ජනාධිපති මාධ්‍ය අංශ දන්වා තිබුණේ අදාල ප්‍රදේශවල ඇඳිරි නීතිය ලබන 14 වනදා උදාසන 6 ට ඉවත් කරන බවයි.
මේ අතර කොරෝනා වෛරසයේ අවදානම් කලාප වන බස්නාහිර පළාත සහ පුත්තලම / මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්වල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය යලි දැනුම් දෙන තුරු බලාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

