News

කොරෝනා ආසාදිතයන්ගේ තත්වය බරපතල නැහැ

මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති කිසිවකුගේ තත්වය බලපතල නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොරෝනා ව්‍යාප්තිය වැළැක්විම වෙනුවෙන් පිහිටුවා ඇති විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමන් ඔහු මේ බව පැවසීය.

පළමුව මෙරටින් හමුවු කොරෝනා වෛරසය ආසාදනය වු සංචාර මග පෙන්වන්නාගේ තත්වය ද සාමාන්‍ය බවයි අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ.

මේ අතර ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බැවින් සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් අනුගමනය කළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.