කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන්න රොබෝ යන්ත්‍රයක් වැලිකන්දට
කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට යොදාගතහැකි රොබෝ යන්ත්‍රයක් පොළොන්නරුව, වැලිකන්දේ පිහිටි විශේෂ ප්‍රතිකාර ඒකකයට මාස් ඉන්ටිමේට් පුද්ගලික සමාගම පෙරේදා (4 වැනිදා) පරිත්‍යාග කළේය.
කොරෝනා ආසාදිතයන්ට අවශ්‍ය ආහාරපාන හා ඖෂධ ලබාදීම ඇතුළු කාර්යයන් රැසක් මෙම රොබෝ යන්ත්‍රය මගින් පහසුවෙන් සිදුකළ හැකිය.
එම සමාගමේ නව නිර්මාණ හා පර්යේෂණ අංශය විසින් දේශීයව නිපදවන ලද මෙම රොබෝ යන්ත්‍රය පොළොන්නරුව මහ රෝහලේදී එහි අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර වෙත බාර දුන්නේය.
මෙම අවස්ථාවට එම සමාගමේ කළමනාකරු මධුර දිසානායක, තාක්ෂණ නිලධාරී රුවන් පතිරණ හා පොළොන්නරුව මහ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ, වෛද්‍ය නිහාල් ගුණතිලක ඇතුළු පිරිසක් සහභාගි වූහ.
කේ.ජී.කරුණාරත්න
