News

කොරෝනා ආසාදිත සිව්වන මරණයත් මෙරටින් වාර්තාවෙයි

මෙරට කොරෝනා වෛරසය ආසාදිතයෙක් මීට සුළු වේලාවකට පෙර මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙලෙස මියගියේ වයස අවුරුදු 58ක් වූ පිරිමි පුද්ගලයෙකි.

මොහු අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මීට සුළු වේලාවකට පෙර මියගොස් තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව හතර දක්වා ඉහළ යනු ඇති.