News

කොරෝනා ගැන පැමිණිලි කරන්න නව අංකයක්

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් පොලිස් මූලස්ථානය මගින් නව දුරකතන අංකයක් හඳුනා දී තිබේ.

මහජනතාවට කොරෝනා සම්බන්ධව යම් පැමිණිල්ලක් ඇත්තනම් 1933 දුරකතන අංකය අමතා ඒ පිළිඳව පැමිණිලි කළ හැකි බවද පොලිස් මූලස්ථානය කියයි.

පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 දුරකතන අංකයෙන් එම මධ්‍යස්ථානයටද පැමිණිලි ඉදිරිපත් කළ හැක.

එහි ඇතිව තිබෙන කාර්යබහුලත්වය අවම කිරීම සඳහා මෙම නව දුරකතන අංකය හඳුන්වා දී ඇති බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.