News

කොරෝනා චීන කතක් ලංකාවෙන් හමුවෙයි

කොරෝනා වෛරසය වැලඳුණු පළමු රෝගියා ශ්‍රී ලංකාවෙන් ඊයේ (27 වැනිදා) සවස වාර්තා විය. බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය වෙත යොමු කළ නිර්දර්ශක පරීක්ෂා කිරීමේදී මෙම රෝගියා හමු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අං​ගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට පසුගියදා ඇතුළත් කළ චීන ජාතික කාන්තාවකට මෙම රෝගය වැලඳී ඇති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ නිදර්ශක තෙවරක් පරීක්ෂා කළ යුතු බවයි. මෙම කාන්තාව චීනයේ හුබේ පළාතෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශ මුලදී ප්‍රකාශ කළේ රෝගය වැලදී ඇති රෝගීන් මෙරට නොමැති බවය. මෙම කාන්තාව 43 හැවිරිදි කාන්තාවක් වෙයි.

උදයජීව ඒකනායක