කොරෝනා මරණ හැටහතර දහස ඉක්මවයි
ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,201,933 දක්වා ඉහළ ගොස් තිබේ.
ලොව පුරා මේ වන විට සිදුවී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 64,716ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ආසාදිතයින් 246,634දෙනෙකු සුවය ලබා තිබේ.
ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 311,357ක් වේ.
ඇමෙරිකාවට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 126,168කි.
ඉන් අනතුරුව වැඩිම ආසාදිතයින් ඉතාලියෙන් වාර්තා වේ.
එම සංඛ්‍යාව 124,632කි.
වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වේ.
එම මරණ සංඛ්‍යාව 15,362කි.
ස්පාඤ්ඤයෙන් පුද්ගල මරණ 11,947ක්, ඇමෙරිකාවෙන් පුද්ගල මරණ 8,452ක්, ප්‍රංශයෙන් පුද්ගල මරණ 7,560ක් සහ බ්‍රිතාන්‍යයෙන් පුද්ගල මරණ 4,313ක් වාර්තා වේ.
