කොරෝනා රෝගීන්ට කෘතිම ස්වසන යන්ත්‍රයක් හැදු වැල්ලවායේ තරුණයා
වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් විසින් කොරෝනා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කල හැකි කෘතීම ස්වසන යන්ත්‍රයක් නිපදවා තිබේ.
මෙම තරුණයා විසින් ඉවතලන ද්‍රව්‍ය සහ නිවසේ තිබූ ද්‍රව්‍ය කිහිපයක් උපයෝගී කර ගනිමින් මෙම යන්ත්‍රය නිපදවා ඇති අතර එය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව යන්ත්‍රය නිපද වූ තරුණයා පැවසීය.
මෙම උපකරණය විදෙස් රටකින් මෙරටට ලබා ගන්නේනම් ලක්ෂ විස්සකට වඩා වැඩි මුදලක් වැය වන බවත් එය මෙරටටදී රුපියල් පහලොස් දහසක මුදලකට නිපදවීමට හැකි බවත් ඔහු පැවසීය.
මෙම උපකරණය පිලිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් විමේන් පසු විමල් වීරවංශ ඇමැති වරයා මේ සම්බන්ධයෙන් අදාල තරුණයාට අවශ්‍ය පහසුකම් ලබා දී යන්ත්‍රය වැඩි දියණු කිරීමට දායකත්වය ලබා දෙන බව ද පවසා ඇත.
ජයන්ත වීරසේකර
වැල්ලවාය
