News

කොරෝනා වැළදුණු තවත් රෝගියෙක් IDH රෝහලේ

කොරෝනා වෛරසය(Covid 19) වැළදී ඇති බවට තහවුරු වී දැනට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගියා සමග නවාතැන් ගෙන තිබූ තවත් පුද්ගලයෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

වෛරසය ආසාදනය වී ඇති බවට මෙසේ තහවුරු කරගෙන ඇත්තේ වයස අවුරුදු 44 හැවිරිදි පුද්ගලයෙකුට වන අතර ඔහු මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.