කෝවිඩ් – 19 වෛරසයෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළට
කෝවිඩ් – 19 වෛරසය (කොරෝනා) ආසාදනයවීම හේතුවෙන් අද (12) දිනය වන විට මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 4638ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනය තුළ පමණක් පුද්ගලයින් 22දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
චීනය තුළ පමණක් පුද්ගලයින් 3169දෙනෙකු මියගොස් ඇති අතර, ඉතාලියේ තුළ 827දෙනෙකු මියගොස් තිබේ.
මීට අමතරව ඉරානයේ පුද්ගලයින් 354ක් සහ දකුණු කොරියාවේ 66ක් මියගොස් ඇති බවට වාර්තා වේ.

