News

කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව පනස්නව දහස ඉක්මවයි

කොරෝනා වෛරසයෙන් ලොව පුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 59,197 දක්වා ඉහළ ගොස් තිබේ.

ලෝක සෙ$ඛ්‍ය සංවිධානය සදහන් කළේ‌ මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයින් 1,117,787ක් වාර්තා වන බවයි.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 277,475කි.

වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 14,681කි.

ඉතාලියට පසුව වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි.

එම සංඛ්‍යාව 11,198කි.