කොරෝනා වෛරසයෙන් ලොව පුරා පනස්හතර දහසකට අධික පිරිසක් මියයයි
ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් පුද්ගලයින් 54,231ක් මියගොස් තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ 1,030,654ක් කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවයි.
වෛරසය ආසාදිත 220,011දෙනෙකු නැවත සුවය ලැබූ බව එම සංවිධානය සදහන් කරයි.
කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 13,915කි.
ඊට අමතරව ස්පාඤ්ඤයෙන් මරණ 10,935ක්, ඇමෙරිකාවෙන් මරණ 6,098ක්, ප්‍රංශයෙන් 5,387ක්, චීනයෙන් මරණ 3,322ක් සහ ඉරානයෙන් මරණ 3,294ක් සිදුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කළේය.
