කොවිඩ් පාලනයට පස් වැදෑරුම් ප්‍රවේශයක්
කොවිඩ් වසංගතය පාලනයට නම් රෝගීන් සඳහා කරන ස්ක්‍රීන් පරීක්ෂණ ප්‍රමාණය අවම වශෙයන් 5,000 – 10,000 අතර ප්‍රමාණයක් දක්වා වැඩි කළ යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර පවසයි.
දෙස් විදෙස් කමිටුවක් සමග ඒක්ව කොවිඩ් පාලනයට සැකසූ පස්වැදෑරුම් උපායමාර්ගික ප්‍රවේශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉදිරිපත් කරමින් හෙතෙම මේ බව පැවසීය.
ඉහත උපායමාර්ගයට අනුව පරීක්ෂණ වැඩි කිරීම සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් RT – PCR යන්ත්‍ර 21ක්, විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන සතු යන්ත්‍ර 36 ක් සහ පෞද්ගලික අංශය සතු යන්ත්‍ර 6ක් වශයෙන් 63ක් වන යන්ත්‍ර ප්‍රමාණය දිස්ත්‍රික්ක අනුව වෙන් කළ හැකි බවද ආචාර්යවරයා පෙන්වා දෙයි.
ඒ අනුව එම යන්ත්‍ර මගින් ගැටලුවකින් තොරව දිනකට පරීක්ෂණ 10,000ක් සිදු කළ හැකි යැයි විශ්වාස කෙරේ.
එමෙන්ම රෝග ලක්ෂණ පහළ වීම හෝ තමා ස්පර්ශකයකු යැයි හෝ අසල්වැසියකු ස්පර්ශකයකු යැයි සැක කරන විට ඒ බව දැනුම් දීම සඳහා දිස්ත්‍රික්කයකට මධ්‍යස්ථානයක්ද ඊට අදාළ දුරකථන අංකයක්ද ප්‍රකාශයට පත් කළ යුතු බව මෙහිදී යෝජනා කර ඇත.
ශිරන්තනි මානවඩු
