News

කොවිඩ් වෛරසය පැතිරීම පාලනයට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 1.3ක පරිත්‍යාගයක්

සෞඛ්‍ය සේවක මණ්ඩල ආරක්ෂා කිරීම, ආසාදන වැළැක්වීම සහ වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා එක්සත් ජනපදය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.3 ක මූල්‍ය පරිත්‍යාගයක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

මෙරට ඇමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් පවසන්නේ ඉතා දුෂ්කර කාලවලදී පවා ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව මිතුරන් සේ සහයෝගයෙන් කටයුතු කළ බවයි.

මෙම පරිත්‍යාගයට අමතරව ශ්‍රී ලංකාවේ රසායනාගාර පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා ද එක්සත් ජනපදය ඉදිරියේදී ආධාර ලබාදෙන බව තානාපතිනිය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ මැලේරියා වසංගතය මර්දනය කිරීමේදී මෙන්ම එච්. අයි. වී. සහ ඩෙංගු තත්ත්වයන් පාලනය කිරීම සඳහා ද ඇමෙරිකාව උපකාර කර ඇති බවද තානාපතිනිය නිවේදනයක් නිකුත් කරමින් සිහිපත් කර ඇත.

 

නයන තරංග ගමගේ