News

කොළඹට එන පුද්ගලයින්ගේ ශරිර උෂ්ණත්වය මැන බලයි

අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා කොළඹ දිස්ත්‍රික්කයට පැමිණෙන පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමේ පරීක්ෂණ සිදු කිරිමේ ක්‍රියාවලියක් යුධ හමුදාව සිදු කරනු ලබයි.

ඊට යුධ හමුදා ධාවකයින් 20 දෙනෙකුගෙන් සමන්විත ක්ෂණික ප්‍රතික්‍රියා කණ්ඩායමක් එක්ව ඇත.

අත්‍යාවශ්‍ය සේවා සඳහා කොළඹට පැමිණෙන පුද්ගලයින් අතරින් අහඹු ලෙස තොරා ගන්නා පුද්ගල කණ්ඩායම්වල ශරිර උෂ්ණත්වය මැන බැලීම මෙහිදී සිදු වෙයි.

යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

Image may contain: one or more people

Image may contain: one or more people and outdoor

Image may contain: one or more people, people standing and outdoor