News

කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් වැසෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (18) දිනයේදී ද වසා දමා තිබේ.

ඒ, රජය විසින් අද දිනය නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කිරීමත් සමගය.

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අඛණ්ඩව අත්හිටවූ සිව්වැනි දිනය මෙය වේ.

කෙසේ වෙතත් හෙට දිනයේ දෛනික ගනුදෙනු සිදු කිරීම සම්බන්ධයෙන් අද (18) පස්වරුවේ තීරණයක් ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.