කොළඹ හොර බඩු අල්ලන්න කඩා පනින ඒකකයක්
කොළඹ දිස්ත්‍රික්කයේ අඩුබර පාන් ඇතුළු නියමිත බර ප්‍රමාණය නොමැති කෑම වර්ග හා හොරට බඩු කිරන වෙළෙඳුන් ඇල්ලීමට ක්ෂණික කඩා පනින ඒකකයක් යෙදවීමට කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න පියවර ගෙන ඇත.
කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා යටතේ ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල දහතුනක් ආවරණය වන පරිදි මෙම හදිසි කඩා පනින ඒකකය යෙදවීමට තීරණය කර තිබේ.
පාන් රාත්තලක නියමිත බරවන ග්‍රෑම් 450 ක ප්‍රමාණය නොමැතිව විකුණන බේකරි හිමියන් හා වෙළෙඳුන්ටත්, අනෙකුත් නියමිත බර නොමැති භාණ්ඩ හා හොරට කිරන වෙළෙඳුන්ට මෙම වැටලීම්වලින් පසුව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස කොළඹ දිසාපතිවරයා වැටලීම් ඒකකවලට නියෝග කර ඇත.
පාරිභෝගිකයන්ට මේ සම්බන්ධව වන පැමිණිලි ඍජුවම දිසාපතිවරයාට ඉදිරිපත් කිරීමට අවස්ථාවද සලසා දී ඇත.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
