News

ගතවූ පැය 24 තුළ වැඩිම මරණ ස්පාඤ්ඤයෙන්

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් ගතවූ පැය 24 තුළ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව ස්පාඤ්ඤයෙන් වාර්තා වෙයි.

එම සංඛ්‍යාව 821ක්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ස්පාඤ්ඤයට පසුව ඊයේ (29) දිනයේ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වූ බවයි.

ඉතාලියේ ඊයේ (29) දිනයේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 756ක්.

ලොව වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 10,779ක් බව විදෙස් මාධ්‍ය සදහන් කළේය.

ඉතාලියට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 6,803ක්.

මේ වන විට ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම ආසාදිතයින් සංඛ්‍යාව 142,735ක් වන බව ලෝක සෙ$ඛ්‍ය සංවිධානය සදහන් කළේය.

ඇමෙරිකාව තුළ මේ වන විට වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 2,488ක්.