News

වේල්ලවීදිය පොලීසිය භාරයේ සිටි 300කට අධික පිරිසක් නිරෝධායනයට

කොළඹ කෙසෙල්වත්තේ වතුර බෝතල් විකුණන පුද්ගලයකුට කොරෝනා වැලදිමත් සමග ඔහු ඇසුරුකල 312 ක් ගුණසිංහපුර බස්නැවතුමේ තබාගෙන දින තුනක් තිස්සේ කැමබිම දී බලා ගැනිමට පොලිසියට සිදුව ඇත .
මිට හේතු වි ඇත්තේ මෙම පිරිස නිරෝධායනය කිරිම සදහා තැනක් නොවිම නිසා බව පොලිස් නිලධාරීන් පවසති .

මෙම පිරිසේ සිට උණ වැලදී සැක පිට කොළඹ ජාතික රෝහලේ කොරොනා රෝගින් යොමු කරන වාට්ටුව වෙත යොමු කල අයෙකු ඊයේ රෝහලින් පැන ගොස් ඇති බව අනාවරණය වේ.

මෙම සිද්ධියෙන් පසු ඊයේ රාත්‍රියේ ගුණසිංහපුර බස්නැවතුමේ සිටි තවත් අයෙකු උණ රෝගලක්ෂණ පහල විම නිසා රෝහල් ගත කර ඇත .

මෙම පිරිස අතර යාචකයන්,කුඩු වලට ඇබ්බැහි වුවන්,පාතාල සාමාජිකයන් ඇතුළු විවිධ කණ්ඩායම් සිටින බවත් ඔවුන් නිරෝධායනය නොකර සමාජයට යැමෙන් කොවිඩ් වැලදිමේ අවධානමක් ඇති බවත් පොලිස් නිලධාරීන් පෙන්වා දෙති.

මේනිසා පොලිස් නිලධාරීන් මොවුන්ට ආරක්ෂාව දී කැම බිම සපයන බව පැවසේ.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා