ගුරු – විදුහල්පති උද්ඝෝෂණය අද
ගුරු විදුහල්පති අතුර දීමනා වැටුප් චක්‍රලේඛය නිකුත් නොකිරීමට එරෙහිව ගුරු විදුහල්පති සංගම් අද (14 වැනිදා) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලිං පැවසීය.
ඊයේ (13 වැනිදා) මේ සම්බන්ධයන් කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ උද්ඝෝෂණය සඳහා නිසි ප්‍රතිචාර නොලැබෙන්නේ නම් මෙම 26 වැනිදා දිවයිනේ සමස්ත පාසල්වල ගුරු – විදුහල්පතිවරු වැඩ වර්ජනයක නිරත වන බවයි.
වරුණි පෙරමුණ
