News

ග‍්‍රාම කම්ටුවලින් ග‍්‍රාම නිලධාරිවරු ඉවතට

ගැටලු කීපයක් මුල් කර ගනිමින් දිවයිනේ සියලුම ග‍්‍රාම නිලධාරිවරුන් කොරෝනා මර්දනය සඳහා සහ ආධාර බෙදාදීම වෙනුවෙන් පිහිටුවා තිබෙන ග‍්‍රාම කම්ටුවලින් හෙට (17) සිට ඉවත්වීමට තීරණය කර ඇත.

මෙම තීරණය ශ‍්‍රී ලංකා එක්සත් ග‍්‍රාම නිලධාරීන්ගේ සංගමය අද (16) පැවසීය.

තවද මේ වන විට කොරෝනා මර්දන කටයුතු වෙනුවෙන් සහ අසරණ වූ ජනතාව වෙනුවෙන් ආධාර බෙදාදීමේදී මූලික කටයුතු සියල්ල ග‍්‍රාම නිලධාරිවරුන් විසින් සිදු කළද අවසන් මෙහොතේ ආධාර බෙදාදීමේදී සියලූ කටයුතු සමෘද්ධි නිලධාරීන් හරහා සිදු කිරීම තුළින් ග‍්‍රාම නිලධාරීන්වරුන් තවදුරටත් හෑල්ලූ කර තිබෙන බවද මෙම සංගමය පවසයි.

දිවයිනේ සියලූම ග‍්‍රාම නිලධාරීන් ශ‍්‍රී ලංකා එක්සත් ග‍්‍රාම නිළධාරීන්ගේ සංගමය , සමස්ත ලංකා නිදහස් ග‍්‍රාම නිලධාරීන්ගේ සංගමය සහ ශ‍්‍රී ලංකා ග‍්‍රාම නිලධාරීන්ගේ සංගමය යන ග‍්‍රාම නිලධාරි සංගම් තුනට අයත් වන අතර කිසිදු වෘත්තීය සමිති භේදයකින් තොරව මෙම සියලූම ග‍්‍රාම නිලධාරීන් මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර ඇත.