News

චීනයේ සිටින ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්

කොරෝනා වෛරසයෙන් වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ මේ වන විට සිටින ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

විදේශ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ජනාධිපතිවරයා අදාළ උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

එම සිසුන් වෙනුවෙන් සියලු ගුවන් ටිකට් පත් වියදම් ආණ්ඩුව දරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළ අතර කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට 41 දෙනකු මියගොස් ඇත.