චීන සමාගම් දෙකකින් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පරිත්‍යාගයක්
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ඉදිකිරීම් සමාගමක් සහ චීන සංචාරක ප්‍රවර්ධන සමාගමක් විසින් ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ සහ වරාය වල සේවයේ නියුතු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ භාවිතය සඳහා මුඛ සහ අත් ආවරණ තොගයක් අද (04) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පරිත්‍යාගය කර තිබේ.
ෂැන්ග් හයියාටයි ඉදිකිරීම් සමාගමේ (Shang HaiyataiConstruction) සාමාන්‍යාධිකාරී වෑන් ගුවෝ ජුන් මහතා සහ හැපි ටුවර් සමාගමේ ( Happy Tour Travel) සභාපතිනිය වන ලියු ටින්ග් ටින්ග් මහත්මිය විසින් ප්‍රධාන ආගමන විගමන නිලධාරී ඩී.එස්.ඒ.දෙහිවත්ත මහතා වෙත මෙම මුඛ ආවරණ සහ අත් ආවරණ භාර දී තිබේ.
