චෙන්නායිහි සිට පැමිණි පුද්ගලයින්ට දැනුම් දීමක්
පසුගිය දින 14 තුළ ඉන්දියාවේ චෙන්නායිහි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වහාම නිරෝධායනට යොමුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලීමක් කරයි.
අද(28) දිනය තුළ හදුනාගත් ආසාදිතයින්ගෙන් සිව් දෙනාගෙන් දෙදෙනෙකුම චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ.
එම නිසා අදාල පුද්ගලයින් තම ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කර නිරෝධනය වන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා දැනුම් දෙයි
