News

ජනපතිගෙන් කාර්ය මණ්ඩල නිලධාරීන්ට නියෝගයක්

අග්‍රාමාත්‍යවරයාගේ හෝ වෙනත් ඇමතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිවෙකු විසින් අගමැතිවරයා හෝ අමාත්‍යවරුන් වෙනුවෙන් රජයේ කටයුතු හෝ වෙනත් මූල්‍ය ගණුදෙනු සඳහා මැදිහත්වීම වහා නතර කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාතව්‍යවරුන් වෙනුවෙන් පණිවිඩ නිකුත් කළ හැක්කේ අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන් හා රාජ්‍ය ලේකම්වරුන්ට පමණක් බවට ද අදාළ ලේකම්වරුන් විසින් අග්‍රාමාත්‍යවරයාගේ සහ අනෙක් අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්යය මණ්ඩල මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසත් ජජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ

ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා චක්‍රලේඛයක් මඟින් මේ බව සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම් දී ඇත.