ජනපතිගෙන් ඩොලර් පනස් ලක්ෂයක් කොරෝනා මර්දන සාක් අරමුදලට
කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිඥා දෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් මාර්තු 15 ඉරිදා පැවති දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය හෙවත් සාර්ක් හවුලේ රාජ්‍ය නායකයන්ගේ වීඩියෝ සම්මන්ත්‍රණයේ දී මේ අරමුදල ස්ථාපනය කරනු ලැබීය.
