News

ජනපති අපේක්ෂකයන් සමග මැ.කොමිසමේ අවසන් සාකච්ඡාව අද

ජනාධිපති අපේක්ෂකයන්ට හෝ ඔවුන්ගේ නියෝජිතයන්ට සාකච්ඡාවක් සඳහා අද (14 වැනිදා) පැමිණෙන ලෙස දන්වා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

සාකච්ඡාව අද (14 වැනිදා) පෙරවරු 10.30ට පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරණයට පෙර ජනාධිපති අපේක්ෂකයන්, අපේක්ෂක නියෝජිතයන් සමග පැවැත්වෙන අවසන් සාකච්ඡාව මෙය බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

සාකච්ඡාවේදී ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳව කතා බහ කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචිමාර්ග පවසයි.

සාලිය කුමාර ගුණසේකර