ජනපති උපදෙසින් කොරෝනා මර්දන කාර්ය සාධක බළකාය රාජගිරියේ වැඩ අරඹයි
බැංකු ගනුදෙනු, වෙළෙඳ සහ වාණිජ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු පහසුකම් රජය විසින් සපයනු ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
දෛනික ජන ජීවිතය අඩාළ නොවන පරිදි සියලු කටයුතු පවත්වාගෙන යෑමට රජය උපරිම උත්සාහයක නිරත වන බව එම නිවේදනයෙන් ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් කොවිඩ් -19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා බන්ධනාගාර ආශ්‍රිතව මහජන ගැවසීමද සීමා කර ඇතැයිද අදාළ නිවේදනයේ සඳහන් වේ.
එසේම ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කොරෝනා මර්දන කාර්ය සාධක බළකායේ මෙහෙයුම් රාජගිරිය, ශ්‍රී ජයවර්ධනපුර මාවතේ අංක 1090 දරන ස්ථානයේ සිට සිදුකෙරෙන බවද ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
