News

ජනපති ගෝඨාභය ලබන 3 වැනිදා පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරයි

ජනාධිපතිවරයා ලබන 03 දා පෙරවරු 10.00 ට පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කර රජයේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු යළි පස්වරු 1.00 ට පාර්ලිමේන්තුව රැස් කිරීමට ඊයේ (23වැනිදා) පක්ෂ නායකයෝ තීරණය කළහ.

ඒ අනුව එදින පස්වරු 6.00 දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වේ. කතානායකවරයාට හිමි බජනපති ගෝඨාභය ලබන 3 වැනිදා පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරයි

අජිත් අලහකෝන්

ජනාධිපතිවරයා ලබන 03 දා පෙරවරු 10.00 ට පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කර රජයේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු යළි පස්වරු 1.00 ට පාර්ලිමේන්තුව රැස් කිරීමට ඊයේ (23වැනිදා) පක්ෂ නායකයෝ තීරණය කළහ.

ඒ අනුව එදින පස්වරු 6.00 දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වේ. කතානායකවරයාට හිමි බලතල අනුව 03 වැනිදා සභාව ආරම්භයේ දී විපක්ෂ නායක අසුන නව විපක්ෂ නායක සජිත් ප්රේමදාසට වෙන් කිරීමට ද කතානායකවරයා තීරණය කර ඇත. එමෙන්ම එදිනට පෙර පාර්ලිමේන්තුවේ සභානායක ධුරය හා ආණ්ඩුපක්ෂයේ ප්රධාන සංවිධායක ධුරයට පත්කරන අයගේ නම් ද තමන් වෙත දැනුම් දීමට කටයුතු කරන ලෙස කතානායකවරයා ඊයේ රජය නියෝජනය කරමින් පක්ෂ නායක රැස්වීමට සහභාගි වූ නියෝජිතයන්ට දැනුම් දුන්නේ ය.

රංජිත් සොයිසා වෙනුවෙන් පත්වූ නව පාර්ලිමේන්තු මන්ත්රීවරයා ද මෙදින කතානායකවරයා ඉදිරියේ දිවුරුම්දීම සහ සජිත් ප්රේමදාස විපක්ෂ නායකවරයා ලෙස නිල වශයෙන් නිවේදනය කිරීමද එදින සිදුවේ.

කෙසේ වෙතත් 03 වැනිදා පස්වරු 12.30 ට පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තීරණය කර ඇති අතර 2020 ජනවාරි 07 දින සිට සභාවේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳ මෙහිදී අවධානය යොමු කිරීමට තීරණය විය.

ලතල අනුව 03 වැනිදා සභාව ආරම්භයේ දී විපක්ෂ නායක අසුන නව විපක්ෂ නායක සජිත් ප්රේමදාසට වෙන් කිරීමට ද කතානායකවරයා තීරණය කර ඇත. එමෙන්ම එදිනට පෙර පාර්ලිමේන්තුවේ සභානායක ධුරය හා ආණ්ඩුපක්ෂයේ ප්රධාන සංවිධායක ධුරයට පත්කරන අයගේ නම් ද තමන් වෙත දැනුම් දීමට කටයුතු කරන ලෙස කතානායකවරයා ඊයේ රජය නියෝජනය කරමින් පක්ෂ නායක රැස්වීමට සහභාගි වූ නියෝජිතයන්ට දැනුම් දුන්නේ ය.