News

ජනපති මෛත්‍රිටත් නඩුවක් වැටෙන ලකුණු

කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන භාවිත කරන නිල නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුව භාවිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට එරෙහිව පුද්ගලයන් කිහිපදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට සැලසුම් කර ඇති බව තොරතුරු වාර්තා වේ.

තමන්ම ප්‍රදානත්වය දරන කැබිනට් මණ්ඩලයෙන් ඒ සඳහා අනුමැතිය ගැනීම යුක්ති සහගත තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණයෙන් විමසීමට සැලසුම් කර ඇත.

එම නිලනිවස හිටපු ඇමැතිවරුන් දෙදෙනකු භාවිත කළ නිල නිවාස දෙකක් එකතු කර රුපියල් කෝටි 18ක් වැයකර නවීකරණය කරන ලද්දකි.

විශ්‍රාමික ජනපතිවරයෙකුට හිමිවන වරප්‍රසාද 2007 දී චන්ද්‍රිකා බණ්ඩාරණායක හිටපු ජනාධිපතිවරියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුව අනුව හිමිවේ. විශ්‍රාමික ජනාධිපතිවරයකුට ලැබෙන ප්‍රතිපාදනවලින් එම සුවිශාල නිල නිවස නඩත්තු කළ නොහැකි බව ද වාර්තා වේ.

චමින්ද සේනාරත්න